Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහලේ සායනයට සහභාගි වු රෝගියෙකුට කොරෝනා..

  නාවලපිටිය පස්බාගේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කර්යයාලය යටතේ පාලනය වන නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ (42) හැවිරිදි තිදරු පියෙකුට කොවිඩ් 19 වෛරසය...

 


නාවලපිටිය පස්බාගේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කර්යයාලය යටතේ පාලනය වන නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ (42) හැවිරිදි තිදරු පියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව (04) දින ලද පි.සි.ආර් වාර්තාව අනුව තහවුරු වු බව පස්බාගේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

අසාදිතයා ඉකුත් 27 දින නාවලපිටිය මහ රෝහලේ සායනයට සහභාගි වි ඇති අතර , එම සායනයට පැමිණි අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් නව අසාදතියාට ඉදිරියෙන් රෝහලේ සායනයට සහභාගි විම සදහා පෝලිමේ රැදි සිටි ඇති අතර , එදින නාවලපිටිය මහ රෝහලේ වෛද්‍යයවරුන් විසින් එම කාන්තාවට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු එම සායනයට පැමිණි හදුනාගත් කිහිප දෙනෙක් ස්වයං නිරෝධනයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව පෙර අසාදිත කාන්තාව අසලින් සිටි තිදරු පියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (04) තහවුරු විය.

නව අසාදිතයාගේ පවුලේ සමජිකයන් සිව්දෙනෙක් තවදුරටත් ස්වයං නිරෝධනයට යොමු කර අසාදිතයා යාපනය කරදියනාරු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇත.

No comments

Ads Place