Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මියගිය පුද්ගලයින්ට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ජිවත්ව සිටින පුද්ගලයින් ගැනයි : කොවිඩ් මරණ භූමදානය ගැන මහාචාර්යවරියක් කියයි

  මියගිය පුද්ගලයින්ට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ජීවත්ව සිටින පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව...

 


මියගිය පුද්ගලයින්ට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ජීවත්ව සිටින පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසනවා.


ඇය, කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳ සොයා බලන ඇගයීම් කමිටුවේ ද සාමාජිකාවක්. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරිය මෙම අදහස් පළ කළා. 


' දැනට මාසයකට පමණ ඉහතිදී ඩෙන්මාර්කයේ මුගටින් කොවිඩ් වාහකයින් බවට හඳුනා ගැනීමත් සමග ලක්ෂ 15ක් පමණ මුගටියන් මරා දමා භූමදානය කළා. පසුව එම රටේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සහ තාක්ෂණික විශ්ව විද්‍යාලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළා. නමුත් පසුව ඔවුන්ට තේරුම් ගියා වෛරස් සහිත මුගටියන් වල දැමීම නිසා භූගත ජලයට වෛරසය මුසුවීමේ අවධානමක් පවතිනවා කියලා. ඒ අනුව ඩෙන්මාර්ක් බලධාරීන් විසින් භූමදානය කළ මෙම මුගටියන් ගේ සිරුරූ යලි ගොඩ අරගෙන ඒවා පුළුස්සා විනාශ කිරීමට පියවර ගනු ලැබුවා. අද වන විට අප රටේ විකාරරූපි ස්වරුපයකින් දගලනවා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කරනවද නැත්නම් ආදාහනය කරනවද කියලා. නමුත් අපට ඩෙන්මාර්කයෙන් ලබාදී තිබෙන උදාහරණය ගැන අවධානය යොමු කිරීම වැදගත්' යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.


කොරෝනා වෛරසය ආසාදිත ඩෙන්මාර්කයේ මුගටින් මරා දමා, එම සතුන්ගේ සිරුරු වළදැමීමෙන් පසු එරට ඇතිවූ තත්ත්වය ශ‍්‍රී ලංකාවට ද උදාහරණයක් බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ


' මෙම වෛරසය සමග අපිට සෙල්ලම් කිරීමේ අමාරුයි. එංගලන්තයේ පැතිර යන නව වෛරස් ප්‍රභේදය ගැන දැඩි අවධානයෙන් යුතුව කටයුතු කිරීම සිදුකළ යුතුයි. මේ අවස්ථාවේදී අපි මුලින්ම බලන්න ඕනේ මියගිය පුද්ගලයින් ගැන නොවේ ජිවත්ව සිටින පුද්ගලයින්ගේ ගැනයි' මහාචාර්යවරිය සඳහන් කර සිටියා.


කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳ සොයා බලන ඇගයීම් කමිටුවේ මූලික වාර්තාවෙන් ද නිර්දේශ කර තිබුණේ කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීමෙන් එම වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක් පවතින බවයි. 

No comments

Ads Place