Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ - නැවත පරීක්ෂාවකට අභියාචනා ඉදිරිපත් කරන්නේ මෙහෙමයි

මෙවර පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාති‍්‍රයේ නිකුත් කෙරුණා.  www.doenets.lk සහ www.results.exams.gov.lk  යන විභාග දෙපාර්...


මෙවර පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාති‍්‍රයේ නිකුත් කෙරුණා. 


www.doenets.lk සහ www.results.exams.gov.lk  යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිවලට පිවිස විභාග ප‍්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ. අදාළ විභාග ප‍්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක්ද ලබා ගැනීමට පහසුකම් ද සලසා තිබෙනවා.


මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණුද නිකුත් කෙරුණා. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ති‍්‍රක්ක සදහා කඩඉම් ලකුණ වන්නේ 169 ක්. රත්නපුර දිස්ති‍්‍රක්කයේ කඩඉම් ලකුණ 165 ක් හා හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කඩඉම් ලකුණ 164 ක් වනවා. 


කඩඉම් ලකුණ 163 ක් ලෙස දක්වා ඇති දිස්ති‍්‍රක්ක වන්නේ බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය සහ පුත්තලමයි. මොණරාගල සහ අම්පාර දිස්ති‍්‍රක්කවල කඩඉම් ලකුණ 162 ක් බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ති‍්‍රකුණාමලය සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කවල කඩඉම් ලකුණ 161 ක් වන අතර වව්නියාව සහ මුලතිව් දිස්ති‍්‍රක්කවල කඩඉම් ලකුණ වන්නේ 157  බවයි විභාග දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසුවේ.


මේ අතර සියලූම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සදහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අදාළ පාසලේ විභාග ප‍්‍රතිඵල ලේඛනද බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමටද පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 


සියළු පාසල්වලට අදාළ ප‍්‍රතිඵල ලේඛන ඉදිරියේදී තැපැල් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ. කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබද නැවත පරීක්‍ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් අභියාචනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම්දීමට නියමිතයි. 

nethnews

No comments

Ads Place