Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආක්‍රමණික ශාක නුවරළියටත් - සංවේදි පරිසර පද්ධතියක් අනතුරේ

  ආක‍්‍රමණික ශාක හේතුවෙන් නුවරඑළියේ පරිසර පද්ධතියට මේවනවිට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නුවරඑළියේ වැව් ආ...

 


ආක‍්‍රමණික ශාක හේතුවෙන් නුවරඑළියේ පරිසර පද්ධතියට මේවනවිට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නුවරඑළියේ වැව් ආශි‍්‍රත ජලජ පරිසර පද්ධතියටයි. ඇතැම් ආක‍්‍රමණික ශාක මේවනවිට ගලවා ඉවත් කිරීමට අපහසු තරම් ව්‍යාප්ත වී තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්. 


මීට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත්, නුවරඑළියේ වටිනා පරිසර පද්ධතියට මෙන්ම එහි ජීවත් වන සතුන්ට ද බලපෑම් එල්ල විය හැකි බව පරිසරවේදීන් පවසනවා. මීට පෙර ද හෝර්ටන්තැන්න ප‍්‍රදේශයේ මෙවැනිම ආකාරයෙන් පැතිර ගොස් තිබූ ආක‍්‍රමණික ශාක හේතුවෙන් එම පරිසර පද්ධතියේ ජීවත් වූ ශ‍්‍රී ලංකාවට ආවේණික සතුන්ගේ ජීවන රටාවන්ට පවා බලපෑම් එල්ල වු බවයි පරිසරවේදීන් පැවසුවේ. 


පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ස්වේච්ඡා කණ්ඩායමක් නුවරඑළියේ පරිසර පද්ධතියට බලපෑම් කරන මෙම ආක‍්‍රමණික ශාක හැකි උපරිම ආකාරයෙන් ඉවත් කිරීමට මේවනවිටත් කටයුතු කරමින් සිටිනවා. එම කණ්ඩායමේ සාමාජික ගාල්ලගේ දේවප‍්‍රිය පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා.


සිය කණ්ඩායමට පමණක් එම ආක‍්‍රමණික ශාඛ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අපහසු බැවින්, වගකිව යුතු රාජ්‍ය ආයතන ඒ සඳහා වහා මැදිහත් විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ

No comments

Ads Place