Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවෙන් බොරැල්ලට රතු එළියක්

බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කළ අහඹු පි.සි.ආර් පරීක්ෂණ වලින් සියයට 90කට වඩා වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ ආ...


බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කළ අහඹු පි.සි.ආර් පරීක්ෂණ වලින් සියයට 90කට වඩා වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජන ඝනත්වය ඉතා අධික වූ මෙම ප්‍රදේශවල සෙසු ජනතාවට රෝගය පැතිරී ඇති ආකාරය සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ මඟින් මෙම අහඹු පි.සි.ආර් පරීක්ෂණ සිදු කර තිබේ.

මෙසේ හඳුනා ගැනෙන අසාදිතයන් අදාළ රෝහල්වලට යැවීමට අදාළ කටයුතු සංවිධානය කරමින් පවතින අතර එම රෝගින් සිටින ප්‍රදේශ සම්බන්ධයෙන් බලධාරීන් තීන්දුවක් ගන්නා බවද වාර්තා වේ.

මේ අතර අදාළ ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් තම නිවාස තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

කොරෝනා දෙවැනි රැල්ලේ මේ වන විට වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර වැඩිම රෝගීන් පිරිසක් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක් වේ.

මෙම දෙවන රැල්ල සමඟ සිදුවූ මරණවලින් වැඩි ප්‍රමාණයක් ද වාර්තා වූයේ කොළඹ නගර සභා සීමාව තුළින්ය.

lankaleadnews

No comments

Ads Place