Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ 26%ක් කොරෝනා ආසාදිතයන්..- නගරාධිපතිනි හෙලි කරයි..

අද වන විට කොළඹ නගර සීමාව තුළ කොරෝනා ආසාදිතයන් 3217 හඳුනාගෙන ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. ඇය සඳහන් පෙන්වා දෙන්නේ ...


අද වන විට කොළඹ නගර සීමාව තුළ කොරෝනා ආසාදිතයන් 3217 හඳුනාගෙන ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

ඇය සඳහන් පෙන්වා දෙන්නේ කොළඹ නගර සීමාවේ 26% ක් පමණ පිරිසක් කොරෝනා ධනාත්මක වීමේ තත්ත්වයක් මතුව ඇති බවයි.

අද දවසේදී චීන වරායෙන් 52ක්, වරාය නගරයෙන් 32ක් ලෙස ආසාදිතයන් හමු වී ඇතැයිද ඇය සඳහන් කළාය.

අහම්බෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල මින් වැඩි ප‍්‍රමාණයක් හදුනාගත් බවත් ඇය පැවසුවාය.

නගර සීමාව තුළ ලක්ෂ හයහමාරක ජනගහනයක් සිටින බවත් ඉන් තිස් දහසක් පමණ ආසාදිතයන් වීමේ හැකියාවක් ඇති බවත් ඇය සඳහන් කළාය.

කොළඹ නගරය තුළ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යාමක් මිසක් අඩුවීමක් පෙන්නුම් නොකරන බවද ඇය තව දුරටත් කියා සිටියාය.

lankacnews

No comments

Ads Place