Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නොදරුවාට තැලූ කුකුල් චමින්ද බන්ධනාගාර රැඳවියන් වඩා ගනී.!

පසුගියදා කුඩා දැරිවියකට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු MK චමින්ද නොහොත් “කුකුල් චමින්ද” යන සැකකර...

පසුගියදා කුඩා දැරිවියකට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු MK චමින්ද නොහොත් “කුකුල් චමින්ද” යන සැකකරු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, එහි රැඳවියන් පිරිසක් සිදුකළ පහරදීමකින් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

වැලිඔය හංසවිල ගම්මානයේ පදිංචි සැකකරු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් එක්ව පහර දීම හේතුවෙන් තුවාල ලබා මෙසේ අනුරාධපුර මහ රෝහල වෙත ඇතුලත් කල බව බන්ධනාගාර නිලධාරීන් පවසයි.

කුඩා දැරියට පහර දුන් මෙම පුද්ගලයා නිවසින් පලා ගොස් පුල්මුඩේ කුඩා අරිසිමලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී වැලිඔය පොලිසිය මගින් පසුගිය 5 වැනිදා අලුයම අත්අඩංගුවට ගැනිණි.

එම පහරදීම සැකකරුගේ වැඩිමල් පුත්‍රයා විසින් තම ජංගම දුරකතනයෙන් පටිගත කොට සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් පසු මෙසේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

No comments

Ads Place