Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියළු රාජ්‍යය සහ පුද්ගලික ආයතන දින දෙකක් වසා දැමේ.?

මෙරටට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය මත දිවයින පුරා රාජ්‍යය සහ පෞද්ගලික ආයතන අද සහ හෙට (3,4) දෙදින තුළ වසා දැමීමට තීරණය කළ බවට සමාජ මාධ්‍ය...

මෙරටට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය මත දිවයින පුරා රාජ්‍යය සහ පෞද්ගලික ආයතන අද සහ හෙට (3,4) දෙදින තුළ වසා දැමීමට තීරණය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවට අප කළ විමසුමකදී රජයේ ඉහළ නිළදාරියෙක් තහවුරු කළේය.

ඔහු පවසා සිටියේ මේ වනවිට දිවයින පුරා පාසැල් අද දිනයේ (3) පමණක් වසා තැබීමට රජය තීරණය කර ඇති බවත් රාජ්‍යය හෝ පුද්ගලික අංශයේ ආයතන සම්බන්ධයෙන් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් පාසැල් පද්ධතිය නැවත හෙට දිනයේ (4) යලි ආරම්භ කරනවාද යන්න අද දිනය තුල තීරණය කිරීමට නියමිත බවත්, රටේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් අද දහවල් ලබාදීමට නියමිත බවත් එම නිලධාරියා පැවසීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියාසිටියේ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් යම් ආයතනයක අභිමතය පරිදි වසා දැමීමට තීරණය කර ඇතිනම් හැරෙන්නට ‍රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

No comments

Ads Place