Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියලුම දෙනා බුද්ධාගමට මුල් තැන ලබාදිය යුතුයි.. ජනපති කියයි.!

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ රටේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන අංශ තුනම බුදුදහම සුරැකීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි....

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ රටේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන අංශ තුනම බුදුදහම සුරැකීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හෝමාගම කිරිවත්තුඩුවේ ඉදිකළ ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

හෝමාගම ගුරු දේව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විවෘත කෙරිණි.

පස්මහල් සහ තෙමහල් ගොඩනැගිලි දෙකකින් සමන්විත මෙම භික්ෂු මධ්‍යස්ථානයෙන් භික්ෂූන් වහන්සේ පනස් නමකට එකවර ප්‍රතිකාර ලබා ගත හැකිය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේ,

“දැන් ආණ්ඩුවයි බුද්ධාගමයි වෙන් කරන්න ඕන කියලා තර්කයක් තියෙනවා, ඒකේ නීත්‍යානුකූල තත්ත්වය ගැන සඳහන් කළොත් අපේ රටේ සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙනවා, ඒ වගේම ආගමක් අදහන්නේ නැතිව ඉන්නත් අයිතියක් තියෙනවා.”

අනික අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ඕනෑම රජයක් බුද්ධාගමට ප්‍රමුඛත්වය දිය යුතුයි කියලා. එම වගකීම ආණ්ඩුවට මෙන්ම රාජ්‍යයට ද පැවරී තියෙනවා. එසේනම් රාජ්‍යයට අයත් අංශ තුන විධායකය, පාර්ලිමේන්තුව සහ අධිකරණය යන ආයතන තුනේම සහයෝගය මේ සඳහා හිමි විය යුතුයි.”

“මෙම සහයෝගය නොදීම ව්‍යවස්ථා විරෝධීයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට මන්ත්‍රීවරුන් ලෙස අපි සියලු දෙනා දිවුරුම් දෙනවා. ඒ නිසා අපි හැමෝම ඒ ව්‍යවස්ථාව අනුගමනය කළ යුතුයි. මේ රටේ යුද්ධය තිබුණත් මේ වගේ ඉල්ලීමක් කවදාවත් ඉදිරිපත් වෙලා නැහැ. සාකච්ඡා කළේ ද නැහැ.”

“බෞද්ධ ධර්මයට මුල්තැන දෙන්න මේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම එකඟ විය යුතුයි. ප්‍රතිපාදන පිළිබඳ අපට වාද විවාද කළ හැකියි. නමුත් මුලධර්මය ගැන අපට විවාද කරන්න බැහැ. ආණ්ඩුවක් ලෙස අප එය පිළිපැදිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට අවශ්‍යනම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.”

No comments

Ads Place