Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුර අපි එක්ක ඩීල් එකක් තියෙනවා, අපි ඔක්කොම යාලුවෝ.. රවී කරුණානායක කියයි.!

රතු අලිපැටියා නම් අනුවර්ථ නාමය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය රවී කරුණානායකගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු...

රතු අලිපැටියා නම් අනුවර්ථ නාමය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය රවී කරුණානායකගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ අනුර කුමාර සමඟ තම පක්ෂයට ගනුදෙනුවක් තිබෙනා බවත් ඔවුන් සියලුදෙනා යහලුවන් බවත්ය.

එහිදී මාධ්‍යවේදීන් හිටපු අමාත්‍යවරයාගෙන් නැවත අසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර යම් යටි ගනුදෙනුවක් තිබේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් රවී කරුණානායක කියා සිටියේ, “ඒ ගොල්ලන්ගේ යටින් ගනුදෙනුවක් තියෙනවද දන්නෙ නෑ, හැබැයි අපේ වැඩ තියෙන්නේ උඩින්, අපි කිසිවක් යටින් කරන්නෙ නෑ, අපි ඇත්ත ඇති සැටියෙන් පෙන්වනවා, මෙහෙම තමයි ගමන. අපිට අවශ්‍ය මේ බොරුව නවත්වන්න, මේ බොරුව නවත්තලා ඇත්ත ඇති සැටියෙන් ගෙනියන්න”

එමෙන්ම ආන්දෝලනාත්මක ජනමත විචාරණය සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ, එවැනි සැලැස්මක් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බවත් ඒව පෞද්ගලික මත බවත්‍ ය.

No comments

Ads Place