Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් - රාජපක්ෂ දීගය අවසන්, පොහොට්ටුවේ අවසන් සැළස්ම මෙයද.?

මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය කල්දැමීමේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විසින් සිදුකළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළහොත් තමන් ආණ්ඩුවෙ...


මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය කල්දැමීමේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විසින් සිදුකළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.


එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශයේ වගකීම ජනාධිපතිවරයා භාර නොගන්නේ නම් ජාතියට ප්‍රකාශයක් ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

ජනාධිපතිවරයා නොව ඕනෑම කිසිවකු රටට අහිතකර දෙයක් කළහොත් පක්ෂයක් ලෙස අප සැම විටම විරෝධය පළ කරන බවත් එවැන්නක් සිදුවුවහොත් තම පක්ෂය අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ඔහු පැවසීය.

තම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වූයේ නියමිත කාලයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් කිසිදු මැතිවරණයක් කල් නොදැමිය යුතු බවත් සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

No comments

Ads Place