Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම ජනාධිපති උන දවසෙම පාර්ලිමේන්තුව විසුරුවනවා .. දැනට ඉන්නේ අපි තුන්දෙනයි මහ මැතිවරණයෙන් පස්සේ ඒක 120, 130 පන්නනවා - අනුර

  ජාතික ජන බලවේග හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සමුළුව පෙරේදා (09) පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ ...

 


ජාතික ජන බලවේග හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සමුළුව පෙරේදා (09) පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක,

“අපි මේ සිදුකිරීමට යන්නේ පහසු දෙයක් නොවේ, අපි සිදුකිරීමට යන්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ විශාලතම පෙරළියයි, පොදු ජනතාව අතට බලය හුවමාරු වන සහ ඈත ගම්වල කුඩා දරුවන්ට දේශපාලනයෙන් ඉදිරියට යා හැකි ගමනයි අද මේ ජාතික ජන බලවේගය ආරම්භ කරන්නේ.

ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා, දැනට පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයෙන් ඉන්නේ තුන්දෙනයි, අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ විට එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එක් දවසක් හෝ ඊට වැඩිය තබන්නේ නෑ, දැනට ඉන්නේ අපි තුන්දෙනයි මහ මැතිවරණයෙන් පස්සේ ඒක 120, 130 පන්නනවා.

මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය නොකෙරූ ඈත ගම් දනව්වල නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් දක්ෂ දූපුතුන්ට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ලබාදෙනවා

ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය කෙටි කාලෙකට පසුව පවත්වා ශුද්ධ මහජන රජයක් බිහිකිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරනවා”

No comments

Ads Place