Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත්‍රී නිල නිවාසවල පහසුකම් නැහැ, වැසිකිලි උතුරනව, පහසුකම් ඕනි , මන්ත්‍රීවරු ඉල්ලයි

  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවල පිහිටුවා මන්ත‍්‍රී නිල නිවාසවල පහසුකම් ප්‍රමාණවත් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් පිරිසක් කතානායක...

 



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවල පිහිටුවා මන්ත‍්‍රී නිල නිවාසවල පහසුකම් ප්‍රමාණවත් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිලි කර ඇත.

මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවද පවසා ඇති එම මන්ත්‍රී පිරිස වර්ෂා කාලයේදී නිවාස බොහොමයක් ජලය පවා කාන්දුන තත්ත්වයට පත්ව ඇතැයිද පෙන්වා දී තිබේ.

වර්ෂා කාලයේදී සමහර වැසිකිළි උතුරා යන බවත් නිවාස සංකීර්ණය ජරාවාස වී ඇති බවත් ඔවුන් පවසා ඇත.

එමෙන්ම මෙම මන්ත්‍රී නිල නිවාස පවුලේ සාමාජිකයන් සමඟ ජීවත්වීමට ප්‍රමාණවත් ඉඩකඩ නැති නිසා එම නිවාස නවීකරණය කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම පරිදි කතානායකවරයා විසින් එම නිල නිවාස සංකීර්ණයේ අඩුපාඩු නිවැරදි කරන ලෙස අදාළ අංශය වෙත  උපදෙස්  දී  තිබේ.

No comments

Ads Place