Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවාද පොරය ජය පරාජයෙන් තොරව අවසන්.. ජන බලවේගය නිල වශයෙන් ඉවත්වෙයි.!

ජාතික ජන බලවේගයේ විවාද සම්බන්ධීකාරක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පැවසුවේ තම පක්ෂය සූදානම් සමගි ජන බලවේගය සහ ජාතික ජනතා බලවේගයේ...


ජාතික ජන බලවේගයේ විවාද සම්බන්ධීකාරක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පැවසුවේ තම පක්ෂය සූදානම් සමගි ජන බලවේගය සහ ජාතික ජනතා බලවේගයේ නායකයින් අතර විවාදයකට පමණක් බවයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) ආර්ථික කමිටු අතර විවාදය සඳහා දිනයක් ලබාදෙන ලෙස සමගි ජනබලවිගය විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ජාතික ජන බලවේගයට යොමුකළ ලිපියට පිළිතුරු ලබාදෙමින්.

ආර්ථික කමිටු විවාදය ගැන කිසිදු සඳහනක් නොකර ජාතික ජන බලවේගය ආර්ථික කමිටුවේ සහ නායකත්ව විවාද දෙකම නොපවත්වා අවධානය වෙනතකට යොමු කිරීමට සැලසුම් කර ඇති බව පෙනී යන බවද නලීන් බණ්ඩාර මෙම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුනි.

මේ සම්බන්ධයෙන් අද ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද ජයතිස්ස කියා සිටියේ තම පක්ෂය සූදානම් නායකයින් අතර සාකච්ඡාවකට පමණක් බවයි.

No comments

Ads Place