Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හස්ති රැලක සිරුරු වනෝද්‍යානයේ.. පැටවුන් 5ක්ද ඒ අතර.!

  පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ.ඕඩේ ඇල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක තිබී දින කිහිපයකට පෙර මියගිය වන අලි මළ සිරුරු 7ක් ...

 


පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ.ඕඩේ ඇල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක තිබී දින කිහිපයකට පෙර මියගිය වන අලි මළ සිරුරු 7ක් අද (26) සොයාගත් බව වනජීවී නිලධාරීන් සහ පරිසරවේදීන් පවසයි.

මියගිය වන අලි අතර වයස අවුරුදු 8, 9, 10 යන වයස්වල පසුවන කුඩා අලි පස් දෙනෙකු සහ අවුරුදු 30 සහ 35 යන වයස්වල පසුවන වන අලි දෙදෙනෙකු ද වන බව සඳහන්.

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇල ප්‍රදේශය ජපන් ජබර ඇතුළු විවිධ ශාක වලින් වැසී ඇති බවත් ඔඩේ ඇළේ ස්ථාන කිහිපයකින් අලි මළ සිරුරු 7ක් සොයාගත් බවත් වනජීවී නිලධාරීහු පවසති.

පසුගිය දින කිහිපයේ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හඳපාංවිල විල්ලුව පිරී, ඕඩේ ඇළ හරහා මහවැලි ගඟට ජලය ගලා ගොස් ඇති අතර. ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි අලි රංචුවක් ඔඩේ ඇළ හරහා ගමන් කිරීමේදී ගංවතුරට ගසාගෙන ගොස් ජපන් ජබර සහ පාසි තුළ එම අලිරංචුව සිර වි මිය යන්නට ඇති බවට සැක කරන බව වනජීවී නිලධාරිහු පවසති.

ජලගැලීම් නිම්නයේ ජාතික වනෝද්‍යාන සංරක්ෂණ සභාපති ටී තීපන් මහතා පැවසුවේ එහි ගැඹුර නොදන්නා වන අලි රංචුව ඕඩේ ඇළෙන් එගොඩ වීමේදී දියේ ගිලී මිය යන්නට ඇති බවට සැක කරන බවත්ය.

පොළොන්නරුව වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එල්.පී. ඉද්‍රිසිංහ කියා සිටියේ මියගිය වන අලි හත් දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ පශු වෛද්‍යවරුන් දැනුවත් කර ඇති බවයි.

No comments

Ads Place