Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලාංකික “අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් 4ක් අත්අඩංගුවට.!

  ඉන්දීය අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එරට ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) විසින් ISIS ත්‍රස්තවාදීන් ...

 

ඉන්දීය අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එරට ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) විසින් ISIS ත්‍රස්තවාදීන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනේ එසේ අත්අඩංගුවට ගත් සියලු දෙනාම ශ්‍රී ලාංකීය ජාතිකයන් බවයි.

ආරක්ෂක අංශ විසින් එම ත්‍රස්ත සැකකරුවන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා හෙළි නොකළ ස්ථානයකට ගෙන ගොස් ඇති බවත් TV9 ගුජරාටි වාර්තා කර ඇත.

සැකකාර ත්‍රස්ත කණ්ඩායම අහමදාබාද් ගුවන් තොටුපළේ රැඳීසිටි අභිප්‍රාය මෙතෙක් පැහැදිලි නොවන බවට සඳහන් වේ.

කෙසේ නමුත් ඉන්දියන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සිදුවීමෙන් පසු ගුවන් තොටුපල පුරා ආරක්ෂාව තර කර ඇති බවයි.

IPL කණ්ඩායම් තුනක් අහමදාබාද් ගුවන් තොටුපළට පැමිණීමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් වැඩිදුරටත් පවසයි.

No comments

Ads Place