Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික ජන බලවේගයට හැරුණු රැල්ල නාමල් නිසා ටික ටික කැඩෙනවා - නාලක ගොඩහේවා

පොහොට්ටුව වෙනුවෙන් එක්ව සිටි බොහෝ දෙනෙකු ජාතික ජන බලවේගය දෙසට හැරී සිටියත්, නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්වීමත් සම...


පොහොට්ටුව වෙනුවෙන් එක්ව සිටි බොහෝ දෙනෙකු ජාතික ජන බලවේගය දෙසට හැරී සිටියත්, නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්වීමත් සමග ඒ සියල්ල වෙනස් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසනවා.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයක් ජයගැනීමට සමගි ජන බලවේගයට වැඩි අවස්ථාවක් ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ගොඩහේවා මහතා,

"ජාතික ජන බලවේගයට රැල්ලක් හැදෙනවා වගේ තත්ත්වයක් තිබුණේ. විශාල වශයෙන් පොහොට්ටුවට ඡන්දය දුන් අය කැඩිලා, ජාතික ජන බලවේගය දිහා බලන්නට පටන් අරන් තිබුණා.

නමුත් පසුගිය දවස්වල නාමල් රාජපක්ෂ මහත්මයා ජාතික සංවිධායකවරයා ලෙස පත්කිරීමත් සමග මම හිතනවා පොහොට්ටුව ඉතාමත් සක්‍රීයව මේ මැතිවරණ ක්‍රියාවලියට අවතීර්ණ වෙයි කියලා.

ඒ අවතීර්ණවීමත් සමගම ඔවුන්ගෙන් කැඩී ජාතික ජන බලවේගයට ගිය ඡන්ද ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩුවෙන්න පටන්ගන්නවා.

ඒ නිසා මම හිතනවා ඉදිරි මැතිවරණයකදී වැඩි අවස්ථාවක් සමගි ජන බලවේගයට තියෙනවා කියලා" යනුවෙන් පැවසුවා.

No comments

Ads Place