Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කව්චතිව් දූපත ලංකාවට අයිති නෑ.. මෝදිගෙන් ප්‍රකාශයක්.!

  1974 වසරේදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයට පත්ව ඇති බවත් කොංග්‍රස් පක්ෂය පිළිබඳව විශ්වාසය බිඳවැටී ඇති බව...

 


1974 වසරේදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයට පත්ව ඇති බවත් කොංග්‍රස් පක්ෂය පිළිබඳව විශ්වාසය බිඳවැටී ඇති බවද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සදහන් කරයි.

එළඹෙන (19) වැනිදා සිට තමිල්නාඩු ප්‍රාන්තයෙන් මහ මැතිවරණය ආරම්භ වීමට නියමිත පසුබිමක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දැඩි චෝදනා එල්ල කරයි.

1974 වසරේ එවකට සිටි ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක අතර අත්සන් තැබුණු ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

කච්චතිව් දූපතේ අයිතිය ගිවිසුමකින් ශ්‍රී ලංකාවට හිමි වුවත් වසර ගණනාවක් පුරා ඉන්දීය දේශපාලන පක්ෂ මේ දූපත ගැන විවිධ ස්ථාවරවල පසුවන අතර මෙය මේ වනවිට ඉන්දීය දේශපාලන වේදිකාවේ මාතෘකාව බවට පත්ව ඇත.

No comments

Ads Place