Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආසියාවේ ශුරයා ලෝකය හොල්ලයි.!

ඉතාලියේ පැවති ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් 2024 තරගාවලියේ මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්ව ඇත. එම ඉ...


ඉතාලියේ පැවති ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් 2024 තරගාවලියේ මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්ව ඇත.

එම ඉසව්වට එක්වූ යුපුන් අබේකෝන් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත.

වේගවත්ම කාලය වාර්තා කළ යුපුන් අබේකෝන් මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියයි.

මීටර් 100, 200 සහ 150 ඉසව් තුනේම ශ්‍රී ලංකා වාර්තා වලට යුපුන් අබේකෝන් හිමිකම් කියන අතර ඔහු ආබාධයකට ලක්ව පසුගිය වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය.

මීටර 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් නිමා කළ පළමු සහ එකම දකුණු ආසියාවේ ක්‍රීඩකයා යුපුන් වන අතර පැරිස් ඔලිම්පික් උළෙල මෙවර පැවැත්වීමට නියමිත බැවින් සුපුරුදු දස්කම් අතරට ඔහු පැමිණීම ශ්‍රී ලංකාවට සුබ ආරංචියකි.

No comments

Ads Place