Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උපකාරක පංති කියා පාලු නිවසක පාටි දැමූ සිසු සිසුවියන් පොලීසියේ.!

වැලිමඩ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී,එම ප්‍රදේශයේ අත්හැරදමන ලද පාළු නිවසක මත්පැන් බොමින් සිටි පාසල් සිසු සිසුවියන් පිරිසක් පොලී...

වැලිමඩ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී,එම ප්‍රදේශයේ අත්හැරදමන ලද පාළු නිවසක මත්පැන් බොමින් සිටි පාසල් සිසු සිසුවියන් පිරිසක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

එම කණ්ඩායමේ පාසල් සිසුන් පස්දෙනෙකු සහ පාසල් සිසුවියන් දෙදෙනෙකු සිටි බව පොලීසිය වාර්තා වේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ එම සිසුන් පවසා තිබුනේ තමන් උපකාරක පන්ති වෙත පැමිණෙන බව සඳහන් කරමින් මෙම පාලු නිවස වෙත පැමිණ මත්පැන් සාදයක් පැවැත්වූ බවයි.

එම නිවසේ දොරගුලු කඩා සිසුන් පිරිස ඒ තුළට පිවිස ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පසුව වැලිමඩ පොලීසිය එම සිසුන්ගේ දෙමාපියන් දැනුවත්කර සිසු පිරිස මුදාහැර ඇත.

No comments

Ads Place