Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොව ධනවත් කෝවිලක ශාඛාවක් ලංකාවේ.!:

  ලෝක සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන්...

 



ලෝක සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් සිදු කර ඇති ඉල්ලීමකට අනුවයි.

මෙම කෝවිලට අදාළ ශාඛාව ලොව සෑම ස්ථානයක ම ඉදිකිරීමට කටයුතු කරමින් සිටින පසුබිමක අදාළ ඉල්ලීම ඉදිරිපත් වී තිබීමත් විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට එහි ප්‍රධාන විධායක නිලධාරි ධර්ම රෙඩ්ඩි පසුගියදා පැමිණ ඇති බව සඳහන්.

ඔහු මීට පෙර පසුගිය දෙවැනිදා මෙරටට පැමිණීමට සැලසුම් කර තිබුණ ද නොවැළැක්විය හැකි හේතුවක් මත එය කල් දැමුණා.

ඒ අනුව ඔහු 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එලෙස පැමිණෙන ධර්ම රෙඩ්ඩි මෙරට තුළ දින පහකට ආසන්න කාලයක් රැඳි සිටින ඇති බව ද එහි සඳහන්.

තිරුපදි කෝවිල කැප කර ඇත්තේ, වෙන්කටේෂ්වර දෙවියන්ටයි. එමෙන් ම එය ලොව ඇති ධනවත්ම කෝවිල ලෙස ද සැලකෙනවා.

තිරුපති කෝවිල පිහිටා ඇත්තේ, දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාව නමැති ප්‍රදේශයේයි.

එම ආකෘතියට සමාන කෝවිලක් කොළඹ ඉදිකිරීමට සැලැසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් ‌තීරණය මේ දක්වා ගෙන නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඊට අදාළ සුදුසු භූමියක් තෝරාගැනීමෙන් අනතුරුව කෝවිලේ තැන්පත් කරනු ලබන මුර්ති තිරුපති දේවස්ථාන භාරය විසින් ලබා දෙනු ඇති. ‍

පසුගියදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි නිල සංචාරයක යෙදුණු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ආන්ද්‍රා මහ ඇමැති ජගත් මෝහන් රෙඩ්ඩිගෙන් මෙරට තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක් ද සිදු කළා.

No comments

Ads Place