Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගලය සමයේ ගෙවල් ගිනි තිබ්බේ අපි නෙවෙයි පොහොට්ටුකාරයෝ.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් අරගලය සමයේ දිවයින පුරා නිවාස ගිනි තැබීම් බොහොමයක් සිදු කළ බව ජාතික ජන බලවේගයේ නායක, මන්ත්‍රී අනුර ක...


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් අරගලය සමයේ දිවයින පුරා නිවාස ගිනි තැබීම් බොහොමයක් සිදු කළ බව ජාතික ජන බලවේගයේ නායක, මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

එම නිවාස ගිනි තැබීම් වලට සම්බන්ධ සැකකරුවන් බොහෝමයක් පොදුජන පෙරමුණ නායකයින් සමග සමීප හිතවත්කම් පැවැත් වූ පිරිස් බවට සිදුකළ පරීක්ෂණ මගීන් හෙළිවී ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ තවමත් ප්‍රචණ්ඩත්වය අතහැර නැතැයි ප්‍රචාරයක් දියත් කරමින් එම ගිනි තැබීම් තම පාක්ෂිකයන් කළ බවට මතයක් ගොඩනැගීමට ආණ්ඩුව උත්සහ කරන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්ක කාන්තා සමුළුව අමතමින් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

No comments

Ads Place