Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිවයිනේ සියලුම දේවස්ථානවල ආරක්ෂාව තර කරයි.!

සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේ වැඩපිළිවලක් එම දේවස්ථානවල පියතුමන්ලා සමග සාකච්ඡා කර ක්‍රියාත්...


සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේ වැඩපිළිවලක් එම දේවස්ථානවල පියතුමන්ලා සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් උපදෙස් ලබාදී ඇත.

එළඹෙන (29) වන දිනට යෙදෙන මහ සිකුරාදා දිනය සහ (31) දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් අදාල දේවස්ථානවල පියතුමන්ලා සහ සංවිධායකවරුන් සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා කොට්ඨාස භාර සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව හෙට (26) සහ අනිද්දා (27) දිනවල සියළුම මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන් සහ ස්ථානාධිපතිවරුන් තම පොලිස් වසමට අයත් සියලු කතෝලික, ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත ගොස් පියතුමන්ලා සහ දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවි විශේෂ ආරක්ෂක සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබාදී ඇත.

No comments

Ads Place