Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් මාස කිහිපයකින් රට පුරාම ඖෂධ හිගයක්.!

ඖෂධ වර්ග සහ ශල්‍ය උපකරණ හිඟයක් එළඹෙන 2025 වසරේ සිට මතුවුවහොත් ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් බාරගත නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් ක...


ඖෂධ වර්ග සහ ශල්‍ය උපකරණ හිඟයක් එළඹෙන 2025 වසරේ සිට මතුවුවහොත් ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් බාරගත නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

රට තුළ දැනට පවතින ඖෂධ හා උපකරණ හිඟය පිළිබඳව මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදි එම සංස්ථාව මේ බව සදහන් කර ඇත.සෞඛ්‍ය සැපයීම ප්‍රසම්පාදනය කොට සැපයීම සඳහා සාමාන්‍යයෙන් මාස එකොළහක පමණ පොරොත්තු කාලයක් ගතවන නමුත් මෙම වසරේ මාස තුනක් පමණ කාලයක් ගතව අවසන් වුවත් එළඹෙන වර්ෂය සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් පිළිබඳව සංස්ථාව දැනුවත් කර නොමැති බවද එම සංස්ථාව සදහන් කරයි.

ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට අදාළ ඇනැවුම් කිසිවක් මේ වනතෙක් ලැබී නොමැති බවත් එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට යම් කිසි ඖෂධ හෝ ශල්‍ය උපකරණ හිඟයක් ඇති වුවහොත් එම වගකීම ඖෂධ නීතිගත සංස්ථාව බාර නොගන්නා බවද සදහන් කර ඇත.

No comments

Ads Place