Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරුන් ප්‍රසිද්ධියේ අලියාගේ පිටේ නගියි: ජනපතිට අවශ්‍ය සහාය දෙන්න පොරොන්දු වෙයි..

සිංහල සමාජය තුළ ජනප්‍රියත්වයට පත් වූ අරුලානන්දම් අරුන් නොහොත් අරුන් සිද්ධාර්ථ් එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්‍ත්‍රික් සංවිධායක ලෙස පත් කර තිබ...

සිංහල සමාජය තුළ ජනප්‍රියත්වයට පත් වූ අරුලානන්දම් අරුන් නොහොත් අරුන් සිද්ධාර්ථ් එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්‍ත්‍රික් සංවිධායක ලෙස පත් කර තිබෙනවා.

අදාළ පත් කිරීම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා විසින් සිදු කළ බව සඳහන්.

ඒ සඳහා වන උත්සවයක් ඊයේ (21) යාපනය චෙල්වම් උත්සව ශාලාවේ දී පැවැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවට අඩියාර් විපුලානන්ද ස්වාමින්, යාපනය කාන්තා පෙරමුණේ සභාපති ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතයන් එක් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය සහයෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට එහි දී අරුන් සිද්ධාර්ථ් ප්‍රකාශ කර තිබෙනවා.

2020 වසරේ පැවැති මහමැතිවරණයේ දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ඔහු තරග කළා.

කෙසේ වෙතත් එහි දී ඔහුට ඉන් ජයග්‍රහණය කරගැනීමට නොහැකි වුණා.

අරුන් සිද්ධාර්තන් මේ වනවිට කටයුතු කරනු ලබන්නේ, යාපනය සිවිල් සමාජයේ නායකයා ලෙසයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලින සමාජිකාවක් වන විජයකලා මහේෂ්වරන් මහත්මිය මෙම උත්සවයට සහභාගී වී සිටියේ නැහැ.

No comments

Ads Place