Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සමගි ජනබලවේගයේ විශාල පිරිසක් එජාපයට: සජිත් ජනාධිපතිවරණයෙන් ඉවතට..

සමගි ජනබලවේගය නියෝජනය කරන විශාල පිරිසක් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වනු ඇති බව එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බ...

සමගි ජනබලවේගය නියෝජනය කරන විශාල පිරිසක් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වනු ඇති බව එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මාර්තු මාස 10 වැනිදා එක්සත් ජාතික පක්ෂය විසින් කුලියාපිටිය ප්‍රදේශයේ රැළියක් සංවිධාන කර තිබෙනවා.

එහි දී සමගි ජනබලවේගය නියෝජනය කරනු ලබන විශාල පිරිසක් සිය පක්ෂය සමඟ එක් වන බවයි, පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය ක‌ළේ.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යාල වනයට ගොස් සිටිමට සිදු වනු ඇති බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාව ආරක්ෂා කිරීම සඳහා යාල වනය තුළ හෝටලයක් ඉදිකර ඇති බවයි පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කළේ.

කණ්ඩායම් 85කට අධික කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට නියමිතයි.

පසුගිය සති අන්තවල ඇතැම් දේශපාලන නායකයින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා සිදු කළ බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා තරග නොකරන බවටයි ඔහු අවධාරණය කළේ.

No comments

Ads Place