Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැනඩාවේ සිටි ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරයි.!

කැනඩාවේ ඔටාවා නගරයේ නිවසක් තුළ සිදුකළ වෙඩි තැබීමකින් මව, දරුවන් හතර දෙනෙකු සහ වැඩිහිටි අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා බරපතළ තුවාල ලබා රෝ...


කැනඩාවේ ඔටාවා නගරයේ නිවසක් තුළ සිදුකළ වෙඩි තැබීමකින් මව, දරුවන් හතර දෙනෙකු සහ වැඩිහිටි අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ජීවිතක්ෂයට පත් අය අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇගේ දරුවන් සිව් දෙනා සිටින බවත් ශ්‍රී ලාංකික පියා දිවි ගලවා ගත් නමුත් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කරයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව කැනඩාවේ ඔටාවා පොලීසිය සදහන් කරයි

විදෙස් වාර්තා සඳහන් කළේ, මව සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මෙන්ම එම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති බවය.


Update : 8/3/24


මිය ගිය දරුවන් සිව් දෙනාම වයස අවුරුදු හතට අඩු අය බවද වාර්තා වෙයි.

ඔටාවා පොලිස් ප්‍රධානියා සඳහන් කළේ සැකකරු 19 හැවිරිදි ෆේබ්‍රියන් ද සොයිසා නමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙකු බවය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම සිදුවීම ප්‍රථමයෙන් වෙඩි තැබීමක් ලෙස පොලීසිය දක්වා තිබුණද පසුව ප්‍රකාශ කළේ  ආයුධයකින් ඝාතන සිදුකර ඇති බවය.

දශක තුනක පමණ කාලයකදී ඔටාවා හි මෙවැනි ඝාතනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන බව නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

No comments

Ads Place