Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්තාවන් 40% ක් පමණ සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වෙයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථික අර්බුදය හේතුවෙන් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. කාන්තාවන් සියයට 40...


ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථික අර්බුදය හේතුවෙන් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

කාන්තාවන් සියයට 40ක් පමණ සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවත් සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවද ලංකා ගුරු සංගමය සදහන් කරයි.

වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවත් සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවද පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය සියයට 51ක් පමණ වන අතර දේශීය සනීපාරක්ෂක තුවාවල මිල ගණන් සියයට 90කින් සහ ආනයනික නිෂ්පාදනවල මිල ගණන් සියයට 30කින් පමණ ඉහළ නංවා ඇත.

No comments

Ads Place