Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මොස්කව් නුවර රංග ශාලාවක වෙඩි ප්‍රහාර මාලාවක්: පුද්ගලයින් 40කට දිවි අහිමි වෙයි, 100කට වැඩි පිරිසකට තුවාල..

  www.jpost.com රුසියාවේ මොස්කව් නගරයේ රංග ශාලාවකට (Crocus City Hall ) කඩා වැඳුණු පස් දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් විසින් මීට ටික වේල...

 



www.jpost.com

රුසියාවේ මොස්කව් නගරයේ රංග ශාලාවකට (Crocus City Hall ) කඩා වැඳුණු පස් දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් විසින් මීට ටික වේලාවකට පෙර වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් 100කට අඩික පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

තුවාල ලැබූ ගණන කොපමණද, ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්න පිළිබඳව මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත.

කෙසේ වෙතත් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සි පැවසුවේ, ගිලන්රථ සමඟ 70කගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිද්ධිය සිදු වූ ස්ථානයට මේ වනවිට යවා තිබෙන බවයි.

මෙම එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එහි නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය.

කැලෑ සටන් ඇඳුම් ඇඳගනිමින් ත්‍රස්ත කණ්ඩායම නාට්‍ය ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වෙයි.

No comments

Ads Place