Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුවේ සහය අවශ්‍යනම් ඡන්ද ලක්ෂ 15ක් පෙන්වන්න.. ජනපති රනිල්ට අභියෝගයක්.!

එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමට නොහැකි වුවත් පොදුජන පෙරමුණ පක්ෂය විසින් ඔහු ජනාධිපති ධුරයට පත් කළ බව පාර්ල...


එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමට නොහැකි වුවත් පොදුජන පෙරමුණ පක්ෂය විසින් ඔහු ජනාධිපති ධුරයට පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

අදටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වී සිටින්නේ පොදුජන පෙරමුණ පක්ෂයේ ඡන්දයෙන් බවත් ඊළඟ ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ යැයි කියන්න තරම් පක්ෂය බංකොලොත් නැති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නොවේ කියන තරමට පොදුජන පෙරමුණ පක්ෂය ඉක්මන් නැති බවත් පක්ෂයේ අපේක්ෂකත්වය ලබාදීමට නම් රනිල් වික්‍රමසිංහට ඡන්ද ලක්ෂ 15ක් ගෙන එන ලෙස දැනුම් දී ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

එසේ නොමැතිව ජනාධිපතිවරණය සදහා පරදින අපේක්ෂකයෙකු නම් කර පරාජය භාර ගැනීමට පොදුජන පෙරමුණ පක්ෂය සූදානම් නැති බවද මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරයි.

No comments

Ads Place