Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දූෂිත පාලකයින් එලවා හොද නායකයකු පත් කිරීමට මේ හොදම කාලයයි.!

  ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් තමන් පත් කරන ජනතාව මෙල්ල කරමින් ශ්‍රී ලංකාව තුළ දූෂණය ජීවිතයේ කොටසක් බවට පත්කරගෙන ඇති බව අගරදගුරු කාදිනල් හිමිපාණන...

 


ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් තමන් පත් කරන ජනතාව මෙල්ල කරමින් ශ්‍රී ලංකාව තුළ දූෂණය ජීවිතයේ කොටසක් බවට පත්කරගෙන ඇති බව අගරදගුරු කාදිනල් හිමිපාණන් පවසයි.

රට තුළ දූෂණය පිටුදැකීමට කොමිසම් සභා සහ ආයතන කොතරම් පත් කළද දූෂිතයන්ට ලැබුණු දඬුවමක් නැති බැවින් පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයකු පත්කර ගැනීමේ කාලය එළැඹ ඇතැයි ද කාදිනල් හිමිපාණන් පවසයි.

මහ බැංකු කොල්ලය, පාස්කු ප්‍රහාරය සහ උතුරු නැගෙනහිර යුද්ධය යනාදී දේවල් ගැන විභාග කිරීමට පත්කළ කොමිෂන් සභාවල වාර්තා අල්ප මාත්‍රයකින් හෝ ක්‍රියාත්මක කිරීමට පාලකයන් කටයුතු නොකළ බවද කාදිනල් හිමිපාණන් පවසයි.

රට තුළ බලගතු අයට එක නීතියකුත් බෙලහීන අයට තව නීතියකුත් ක්‍රියාත්මක කිරීමට දේශපාලඥයන් කටයුතු කිරීම නිසා රට කඩා වැටුණු බවත් ඒ හේතුවෙන් රටේ දුප්පත්කම ඉහළ යෑමටත් පත්වූ බවද කාදිනල් හිමිපාණන් පවසයි.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකදී කාදිනල් හිමිපාණන් මේ බව පැවසූහ.

No comments

Ads Place