Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විනිසුරුට බැන්නාට වනිඳුට දැඩි දඬුවම්.!

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති අවසන් තරගයේදී විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග දෙකක් තහනම් කර තරග ...


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති අවසන් තරගයේදී විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග දෙකක් තහනම් කර තරග මුදලින් 50%ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංගට එම දඩුවමට අමතරව තවත් දඩුවම් ලකුණු එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවද එම නිලධාරියා සදහන් කරයි.

නායක වනිඳු හසරංගට අන්තර්ජාතික ක්‍රිකට් සභාව නියම කළ දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් (23) දින පස්වරුවේ දැනුම් දුන් බවද එම නිලධාරියා සදහන් කරයි.

නිපන්දුවක් පිළිබඳව විනිසුරු ලින්ඩන් හැනිබල් සමඟ ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචනය කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් සභාව වනිඳු හසරංග මෙම දඩුවම පනවා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංගට එළඹෙන මස 4 සහ 6 යන දෙදින බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක අහිමිවෙයි.

No comments

Ads Place