Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජැක්සන්ලා අල්ලන්න ආ උපායදූතිකාවටත් ජැක් ගහලා‍..

  රටපුරා ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවාවන් හරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර සිදුවන ලිංගික පිළිබඳව නුවරඑළිය පොලිසිය මගින් බස් රථ සඳහා ...

 


රටපුරා ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවාවන් හරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර සිදුවන ලිංගික පිළිබඳව නුවරඑළිය පොලිසිය මගින් බස් රථ සඳහා යොදවා සිටි උපායදූතිකාවට ලිංගික හිරිහැර කළ පුද්ගලයෙකු පසුගිය අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ පුවතක් වාර්තාවනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතු වයස අවුරුදු 44ක් වූ පුද්ගලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.


තවද මෙලෙස පොලිසිය මගින් යෙදවූ උපාය දූතිකාවට අතවර කර ඇත්තේ නුවරඑළිය සිට වැලිමඩ දක්වා ගමන් කළ බස් රථයක් තුළයි.


නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළියේ මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් එළඹෙන (22) දා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළියේ මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනී මහත්මිය නියෝග කර තිබෙනවා.


ළමා හා කාන්තා හින්සනයන් මැඩලීම වෙනුවෙන් දියත් කරනු ලබන මෙහෙයුමේදී උපායදූතිකාවක් ලෙස යෙදවූ තරුණියෙකුටම මෙලෙස බස්රථ තුළ අතවර කිරීමට උත්සාහ දැරීම තුල නිගමනය කළ හැක්කේ බස් රථ තුළ ළමුන්ට හා කාන්තාවන්ට බහුල ලෙස ලිංගික අතවරයන් සිදුවන බවයි.


එබැවින් ඉදිරියේදී නුවරඑළිය දාන බස් නැවතුම්පොලේ සිට ගමන් අරඹන සියලුම බස් රථ තුළ කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳ දැඩි ලෙස සොයා බැලීමට සහ ඒ සඳහා සම්බන්ධ වන වැරදිකරුවන්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ.

No comments

Ads Place