Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලීසියට චන්ඩි පාට් දැමු හිටපු මේජර් ඇතුළු හතරක් ඇතුලේ: බස් චන්ඩි?

  වරකාපොළ නගරයේ කොළඹ නුවර මාර්ගයේ වාහන හසුරවමින් සිටි රථ වාහන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

 


වරකාපොළ නගරයේ කොළඹ නුවර මාර්ගයේ වාහන හසුරවමින් සිටි රථ වාහන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු යුද හමුදා මේජර්වරයෙකු සහ නාවික හමුදා විශ්‍රාමිකයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ නුවර මාර්ගයේ කාපට් ඇතිරීමේ කටයුතු සිදුකිරීම සඳහා වරකාපොළ නගරයේ එක් මංතීරුවක් වසා දමා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අදාළ සැකකරුවන් පිරිස ඊයේ (12) පස්වරුවේ වැරදි දිසාවෙන් බස් රථයක් ඉදිරියට ධාවනය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනා එම බස් රථය මාර්ගයෙන් ඉවත් කර ඇති අතර එහිදී දෙපිරිස අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

අනතුරුව හිටපු යුද හමුදා මේජර්වරයා ඇතුළු සිව් දෙනා බස් රථයෙන් බැසවිත් පොලිස් නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සැලවීමත් සමඟ වරකපොළ පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments

Ads Place