Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සරත් ෆොන්සේකා එජාපයට.?

  විපක්ෂ සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග ...

 



විපක්ෂ සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේග පක්ෂයේ සභාපතිත්වෙයන් ඉවත් කරන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගෙන් මේ වනවිට ඉල්ලා ඇත.

දිගින් දිගටම නායකයා සහ පක්ෂය විවේචනය කරමින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම නම සඳහන් නොකර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ යන්න උවමනා පුද්ගලයෙක් සිටිනවා නම් පක්ෂයෙන් යන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කර ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර හමුවක් පසුගිය (07) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේදී සිදුව ඇත.

මෙම හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පමණක් සහභාගී වී ඇති අතර එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළිදරව් නොකිරීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඒ පිලිබදව කිසිදු ප‍්‍රකාශයක් මේ වනතෙක් සිදු කර නොමැත.

No comments

Ads Place