Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල 35%කින් අඩු කරන්න පුළුවන් - ජනක

  ලංකා විදුලිබල මණ්ඩලය මෙම 2024 වසරේ ජනවාරි මාසයේ රුපියල් බිලියන 20ක ලාභයක් උපයා ඇති බවත් පසුගිය 2023 වසරේ බිලියන 48ක ශුද්ධ ලාභයක් උපයා ඇති ...

 



ලංකා විදුලිබල මණ්ඩලය මෙම 2024 වසරේ ජනවාරි මාසයේ රුපියල් බිලියන 20ක ලාභයක් උපයා ඇති බවත් පසුගිය 2023 වසරේ බිලියන 48ක ශුද්ධ ලාභයක් උපයා ඇති බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලංකා බැංකුව සහ මහජන බැංකුවට බිලියන 110ක පොළියක් ගෙවා ඇති බවත් අනිසි වියදම්, ක්ෂවීම් සහ ලාභය බිලියන 150 ඉක්මවා ඇති බවද හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.

රටේ විදුලි ජනන වියදම වැඩිකර පෙන්වා බිලියන 100ක් පමණ සඟවා ඇති බවත් එහෙයින් නිවැරදිව ගණනය කළහොත් පාරිභෝගික ජනතාවගේ විදුලි බිල සියයට 35%කින් පමණ අඩු විය යුතු බවද ජනක රත්නායක සදහන් කරයි.

විදුලිබල පනත සහ මහජන උපයෝගීතා පනත අනුව විදුලිබල මණ්ඩලයට රටේ පාරිභෝගික ජනතාවගෙන් අයකරගත හැක්කේ විදුලි පිරිවැය පමණක් බවද ජනක රත්නායක තවදුරටත් සදහන් කරයි.

No comments

Ads Place