Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

NMRA ලොකු පුටුවට නැවතත් පුරුදු මුහුණක්

  ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා පත්කර තිබේ. 2021 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වස...

 


ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා පත්කර තිබේ.

2021 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ මැයි මාසය දක්වා එම තනතුරේ කටයුතු කළ ඔහු අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවයට එක්වුණි.

කෙසේවෙතත් යළිත් වරක් ඔහු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් පත්කර තිබේ.

මේ අතර, සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට එම්.ඒ.ගුණසිරි මහතා යළි පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වේ.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ සමන් ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

විශ්‍රාම ගොස් සිටිය ද හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු වන එම්.ඒ.ගුණසිරි මහතා එම ධුරයට යළි පත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ ආදායම් ඉපැයීමේ අධ්‍යක්ෂ ලෙස මේ වන විට ඔහු කටයුතු කරමින් සිටී.

No comments

Ads Place