Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආන්දෝලනාත්මක මැතිවරණයකින් බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාට ජය: සිව්වැනි වරටත් බලයට පත්වේ

  ඊයේ පැවති බංග්ලාදේශ මැතිවරණයෙන් බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ අවාමි ලීගය සහ ඊට සහය දැක්වූ පක්ෂ පාර්ලිමේන්තු ආසන 300 න් 152 ක් දිනා ගැනීම...

 


ඊයේ පැවති බංග්ලාදේශ මැතිවරණයෙන් බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ අවාමි ලීගය සහ ඊට සහය දැක්වූ පක්ෂ පාර්ලිමේන්තු ආසන 300 න් 152 ක් දිනා ගැනීමෙන් පසු ෂීක් හසීනා තවත් වසර පහක කාලයක් බංග්ලාදේශ අගමැති ධූරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වනවා.

ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය ඡන්දය වර්ජනය කිරීමත් සමඟ ෂීක් හසීනාගේ පක්ෂය සහ මිත්‍ර පාක්ෂිකයින් ඉතිරි ආසන ද දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නමුත් බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා කළේ මෙම ඡන්ද විමසීම ව්‍යාජ එකක් බවයි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව , 40% පමණ පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, විචාරකයින් පවසන්නේ එම අගය පවා අඩු විය හැකි බවයි.

අද දිනයේදී නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව බංග්ලාදේශ වාර්තා පවසනවා.

මේ අනුව 1996 දී ප්‍රථම වරට අගමැති ධුරයට පත් වූ සහ 2009 දී නැවත තේරී පත් වූ ෂීක් හසීනා, එතැන් සිට බලයේ රැඳී සිටින සමස්ථ පස්වන වාරයයි.

"මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිගටම පැවතීම සහතික කිරීමට මම මගේ උපරිමය කරනවා," යනුවෙන් ඇය ඡන්දය ප්‍රකාශ කරමින් මාධ්‍යවේදීන් අමතමින් පවසා තිබෙනවා.

No comments

Ads Place