Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් නිලධාරියාගේ වෙඩි පහරින් රියදුරු මරුට.. ජනතාව පොලීසිය වට කරයි.!

  අන නොතකා ධාවනය වූ ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවියක් ක්‍රියාත්මකවීමෙන් රියදුරුට වෙඩිවැදී මියගොස් ඇත. නා...

 



අන නොතකා ධාවනය වූ ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවියක් ක්‍රියාත්මකවීමෙන් රියදුරුට වෙඩිවැදී මියගොස් ඇත.

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති අතර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා නාරම්මල රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර කටුපොත ප්‍රදේශයේ සිට දම්පැලැස්ස ප්‍රදේශය ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම හේතුවෙන් කෝප වු ප්‍රදේශවාසීන් නාරම්මල පොලිස් ස්ථානය අසලට පැමිණි අවස්ථාවේදී එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇත.

No comments

Ads Place