Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇස් දෙකේ කඳුළු පුරෝගත්ත මහින්ද, සනත් නිශාන්ත ගැන කියපු දේ..

ඊයේ දින අධිවේගයේ සිදු වූ 'මාරක අනතුරින්' ජීවිතක්ෂයට පත් වූ 'සනත් නිශාන්ත' අමාත්‍යවරයාගේ අවසන් කටයුතු ලබන 28 වැනි දින සිදු කි...

ඊයේ දින අධිවේගයේ සිදු වූ 'මාරක අනතුරින්' ජීවිතක්ෂයට පත් වූ 'සනත් නිශාන්ත' අමාත්‍යවරයාගේ අවසන් කටයුතු ලබන 28 වැනි දින සිදු කිරීමට සැලසුම් කොට තිබෙනවා.

අද පස්වරුවේ ඒ මහතාගේ දේහය 'බොරැල්ල' ජයරත්න මල්ශාලාවට රැගෙන එන බැව් පවුලේ සමීපතමයින් සඳහන් කළා.

මේ අතර, අභාවප්‍රාප්ත අමාත්‍යවරයාගේ 'පවුලේ සමීපතමයින්' හමුවීමට හිටපු ජනපති, මහින්ද රාජපක්ෂ මහතා අද පැමිණ සිටියා.

වෙනදට ඊට වඩා පරක්කු වෙනවා.... දෙක පහුවෙනකොට එහෙන් ආවේ..

මහින්ද රාජපක්ෂ මහතා හමුවූ, සනත් නිශාන්තගේ බිරිඳ සඳහන් කළේ, ඊයේ දින 'අමාත්‍යවරයා' වෙනදටත් වඩා වේලාසනින් පිටත්ව ආ බවයි.

'ඊයේ සර්... වේලාසනින් එහෙන් පිටත් වුණා.... වෙනදට ඊට වඩා පරක්කු වෙනවා.... දෙක පහුවෙනකොට එහෙන් ආවේ.. එනකොට සර්ව බලලා එනවා....'

එතුමා අහිමි වීම අපේ පක්ෂයටත්, රටටත්, ජාතියටත් මහා විශාල පාඩුවක්.

මේ අතර, සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ අහිමි වීම ගැන සංවේදී වූ 'මහින්ද රාජපක්ෂ' මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේ, අමාත්‍යවරයාගේ අහිමි වීම පක්ෂයට මෙන්ම, රටටත්, ජාතියටත් අතිවිශාල පාඩුවක් බවයි.

පක්ෂයකට එක්කෙනෙක් නැතිවුණා කියන්නෙ ඒක ඒ ප‍ළාතටම බලපානවා විශාල වශයෙන්...

'එතුමාගේ අභාවය ගැන අපි කණගාටු වෙනවා. අපේ හැම කටයුත්තකදීම ඉස්සරහාට ඇවිත් කටයුතු කරපු කෙනෙක්. එතුමා අහිමි වීම අපේ පක්ෂයටත්, රටටත්, ජාතියටත් මහා විශාල පාඩුවක්...'

'එතුමා පක්ෂය වෙනුවෙන් ම කැපවෙලාම හිටියා. පිට පළාත්වල... ලංකාව පුරාම... සීමා වුණේ නෑ එක තැනකට... පක්ෂයකට එක්කෙනෙක් නැතිවුණා කියන්නෙ ඒක ඒ ප‍ළාතටම බලපානවා විශාල වශයෙන්....

No comments

Ads Place