Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි සේවකයන් වැඩ කරන්නේ මගේ කමාන්ඩ් එකටයි - රංජන් ජයලාල්

  විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමේ චක්‍රලේඛය වලංගු තාවයක් නැති බවත් මණ්ඩලයේ සේවකයන් වැඩ කරන්නේ තමන්ගේ කමාන්ඩ් එකට බවත් ලංකා ...

 


විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමේ චක්‍රලේඛය වලංගු තාවයක් නැති බවත් මණ්ඩලයේ සේවකයන් වැඩ කරන්නේ තමන්ගේ කමාන්ඩ් එකට බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

විදුලි බල මණ්ඩලය ඉන්දියානු හා චීන සමාගම්වලට විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

ප‍්‍රතිව්‍යුහගතකරණය නමින් මෙම විකුණා දැමීම ක්‍රියාත්මක කරමින් ඇති බවද හෙතෙම පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලය ඉදිරියේ පැවති විරෝධතාවයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලසුමට එරෙහිව දින තුනක විරෝධතාවයක් විදුලි සේවකයන් විසින් පවත්වමින් ඇත.

විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ පත් ප්‍රකාශයට පත් කරමින් මෙවන විට ගැසට් නිවේදනයක් කර ඇති අතර විදුලි බල මණ්ඩලයේ සියලු සේවක නිවාඩු ද අවලංගු කර තිබේ.

එවන් පසුබිම්මක මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙමින් ඇත.

No comments

Ads Place