Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් ජිවිතක්ෂයට: ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාත් මිය යයි

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා මිය ගොස් තිබෙනවා. පොලීසිය ප...

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා මිය ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී ඇති බවයි.

අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසුවේ.

No comments

Ads Place