Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තංගල්ලේ වෙඩි තැබීමෙන් අපේ ජන බල පක්ෂයේ නායක 'සමන් පෙරේරා'ජීවිතක්ෂයට

පුද්ගලයින් 5 දෙනෙකු ට දිවි අහිමි කරමින්, තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස අතර, අපේ ජන බල පක්ෂයේ නායක 'සමන්...

පුද්ගලයින් 5 දෙනෙකු ට දිවි අහිමි කරමින්, තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස අතර, අපේ ජන බල පක්ෂයේ නායක 'සමන් පෙරේරා' මහතා ද සිටින බැව් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තහවුරු කළා.


සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකු රෝහල් ගත කරන අතුරතුර දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නෙ.

ඔහුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර ඇති බැව් සඳහන්.

අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

ඩිෆෙන්ඩර් රථයේ සිටි පිරිස ආහාර ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති බැව් සඳහන්.

කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

No comments

Ads Place