Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටවල් කිහිපයක් මුව ආවරණ පැළදීම අනිවාර්ය කරයි.!

  නව කොවිඩ් වෛරසය, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමට අමෙරිකාවේ රෝහල් කටයුතු කර...

 

නව කොවිඩ් වෛරසය, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමට අමෙරිකාවේ රෝහල් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව නිව් යෝර්ක්, කැලිෆෝනියා, මැසචුසෙට්ස් සහ ඉලිනොයි යන ප්‍රාන්තවල පිහිටි රෝහල් රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුව ආවරණ අනිවාර්යය කිරීමට තීරණය කළ බවද සදහන් කරයි.

නිව් යෝර්ක් නගරයේ සෞඛ්‍ය කොමසාරිස් වෛද්‍ය අශ්වින් වාසන් සදහන් කළේ, නගරයේ රජයේ රෝහල් 11, සෞඛ්‍ය මධ්‍යස්ථාන 30 සහ දිගු කාලීන සත්කාර පහසුකම් පහක මුව ආවරණය නැවත ආරම්භ කර ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මස 17-23 සතිය තුළදී අමෙරිකාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් වෛරස රෝගීන් 29,000කට අධික පිරිසක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments

Ads Place