Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිව්ස්ගේ පිහිටෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ යයි: කඩුලු 3ක ජයක්..

  සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කින් ජයගැනීමට සමත් වුණා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව...

 



සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කින් ජයගැනීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග ලකුණු 46ක් රැස් කර ගැනීමට සමත් වුණා.

මැතිව්ස්ට අගනා සහායක් ලබාදුන් දසුන් ශානක නොදැවී පන්දු 18කදී ලකුණු 26ක් රැස්කර ගත්තේ හතරේ පහර 4ක් සමගින්.

කෙසේ වෙතත් අවසන් පන්දු 2ට ලකුණු 6ක් අවශ්‍යව තිබූ මොහොතේ මැතිව්ස් දැවී ගියා.

එහිදී පිටියට පිවිසි දුෂ්මන්ත චමීරට ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වුනා.

ඒ අනුව අවසන් පන්දු දෙකේ පළමු පන්දුවට කඩුලු රකින ක්‍රීඩකයාගේ හිසට ඉහළින් හතරේ පහරක් සහ අනෙක් පන්දුවට කඩුලු අතර දිවගොස් ලකුණු 2ක් රැස්කරගනිමින් දුෂ්මන්ත ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ කරා රැගෙන ගියා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල බලපෑමක් එල්ලකළ සිකන්දර් රාසා පන්දුවාර 4කදී ලකුණු 13කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා ඇන්ජලෝ මැතිව්ස්.

No comments

Ads Place