Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“හරක් කටා” සමඟ සබඳතා පැවැත්වූ පොලීසියේ ලොක්කෝ 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් “හරක් කටා” සමඟ දුරකතන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශ...

සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් “හරක් කටා” සමඟ දුරකතන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන් බහුතරයක් දකුණු පළාතේ විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරීන් බවත් වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් සහ නියෝග මත විශේෂ විමර්ශන ඒකකය මඟින් එම විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

පොලීසිය හරක් කටා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලදී මේ බව අනාවරණය වුවද නිසි විමර්ශනයක් සිදු නොවීම ගැන වැඩ බලන පොලිස්පති දැඩි අවධානයක් යොමු කර ඇති බවද වාර්තා වේ.

No comments

Ads Place