Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්‍රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකික “කළු හතුරා” ඇතුළු තිදෙනෙක් මරුට.!

  යුක්‍රේන හමුදා භට කණ්ඩායම්වලට නායකත්වය දුන් යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරියෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික කපිතාන...

 


යුක්‍රේන හමුදා භට කණ්ඩායම්වලට නායකත්වය දුන් යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරියෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු රුසියානු හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

රුසියානු හමුදාවන් විසින් “කළු හතුරා” ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ නම්කර ඇති අතර ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යානුකූල ලෙස ඉවත්ව යුක්‍රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස 2022 වසරේ මාර්තු මාසයේදී සේවයට බැඳී ඇත.

රුසියානු සහ යුක්‍රේන යුද්ධයේදී ඔහු පෙරමුණේ දැක්වූ වීරත්වය වෙනුවෙන් එරට ජනාධිපතිවරයා විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රදානය කර ඇති අතර සටන් පෙරමුණේ නව වතාවක් තුවාල ලබමින් යුක්‍රේන රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනිෂ් හේවගේ එරට හමුදාවෙන් “කපිතාන් ඩෙන්ටිස්ට්” යන නාමයෙන් හඳුන්වා ඇත.

රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් වූ මෙහෙයුමකට එක් වූ රනිෂ් හේවගේ යටතේ සිටින භට කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකික භටයෙකු වූ ප්‍රියන්ත සටන් පෙරමුණේදී පසුගිය (04) වෙනිදා ජීවිතක්ෂයට පත්ව ඇත.

No comments

Ads Place