Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද, ගෝඨාභය, බැසිල්ට එරෙහිව නඩු දමයි.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ රටේ ආර්ථික අර්බුදයට වගකිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ...



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ රටේ ආර්ථික අර්බුදයට වගකිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව වන්දි ඉල්ලා නඩු ගොනු කිරීමට සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව සූදානම් වේ.

ආර්ථික අර්බුදයට වගකිවයුතු රාජපක්ෂලා විසින් ගන්නා ලද වැරදි තීන්දු නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ලබාදුන් තීන්දුව මත මෙම නඩු ගොනුකරන බව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුවේ ලේකම් මිලින්ද පේමරත්න සඳහන් කරයි.

ඔවුන්ට විරුද්ධව සිවිල් හා වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයක නඩු පැවරිය හැකි බවට දැනටමත් නීති උපදෙස් ලැබී ඇති බවත් ඒ පිළිබඳව මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවද ලේකම් මිලින්ද පේමරත්න සඳහන් කරයි.

No comments

Ads Place