Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කතරගම තවත් කපුවෙක් දේවාලයට පැන මුදල් හා රත්‍රං ⁣මල්ලට පුරවාගෙන පැන යයි.!

  රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කළ කපුවෙක් දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී පූජා කළ මුදල් සහ රත්‍රං නිවසට රැගෙන යාම සම්බන්ධය...

 



රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කළ කපුවෙක් දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී පූජා කළ මුදල් සහ රත්‍රං නිවසට රැගෙන යාම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය 2022 ජූලි (29) වනදා සිට කපු ධුරය අත්හිටුවා දේවාලයට ඇතුළුවීම තහනම් කළ තිම්ලත් රත්නායක සනත් ප්‍රේමකුමාර නමැති අය සම්බන්ධව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා මාර්ගයෙන් වංචා විමර්ශන අංශය වෙත ලබාදී ඇත.

මාසයකට රුපියල් කෝටි 4, 5ත් අතර වටිනාකමකින් යුත් මුදල් හා රන් භාණ්ඩ තේවාව කරන කපුවෙකුට ලැබෙන බවත් තේවාවෙන් පසුව පසුගිය මාසයට අදාළව රුපියල් ලක්ෂ දහයක් වැඩ තහනමට ලත් කපුවා දේවාලයේ ගිණුමට තැන්පත් කර ඇතැයිද එම පැමිණිල්ලේ සදහන් කර ඇත.

No comments

Ads Place