Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතියක් ඇතුලත කෑගලු දිසාවේ මත්ද්‍රව්‍ය නැතිකරන්න නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ වැඩට බහී..

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට  අනුව මුලු දිවයිනම ආවරණය වන පරිදි   රටත් අනාගත දරු පරපුරත් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ග...


වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට  අනුව මුලු දිවයිනම ආවරණය වන පරිදි   රටත් අනාගත දරු පරපුරත් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සදහා ක්‍රියාත්මක කරනු ලබන විශේෂ  වැඩපිළිවෙළක් දියත් 

කිරීමට කටයුතු යොදා ඇති අතර 

මීට සමගාමීව කෑගලු  දිසාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ, බෙදාහරින්නන්ගේ ජාලයන් මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම හා ඇබ්බැහිවූවන් පුනුරුත්තාපනයට යොමුකිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

මේ මෙහෙයුම සදහා කෑගලු දිසාවේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට සතියක කාලයක් ලබාදෙන අතර සෑම පොලිසියකම දුෂණ මර්දන කණ්ඩායමට අමතරව තවත් එක් නිලධාරින් කණ්ඩායමක් ලෙස අවම වශයෙන් දුෂණ මර්දන කණ්ඩායම් දෙකක්වත් යෙදවිමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත.

මේ සම්බන්දයෙන් මහජනතාවට තොරතුරු දීම සදහා විශේෂ දුරකථන අංක හදුන්වා දී ඇති අතර තොරතුරු ලබාදෙන අයගේ පෞද්ගලිකත්වය 100% ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු සුදානම් කර ඇති අතර මෙම ඇමතුම් ඍජුවම සම්බන්දවන්නේ එම දිස්ත්‍රික්කයේ  ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී වරයාට බවයි එතුමා වැඩිදුරටත් සදහන් කරන්නේ 

මෙහිදී විශේෂ නම්බර්ස් දෙකක් හදුන්වා දී ඇති අතර කෑගල්ල ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයාව ඍජුවම සම්බන්ද කරගැනීමට 0718598832 ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති  වරයාගේ කාර්යාලයේ 0352233245 යන දුරකථන අංක වලට මේ සම්බන්ද පැමිණිලි මහජනතාවට ඍජුවම ඉදිරිපත් කල හැක.

No comments

Ads Place